කොළඹ සරසවියේ නේවාසිකාගාරයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Thursday, 09 March 2017 - 7:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ විශ්වවිද්‍යාලයට අයත් බොරැල්ල - ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් සිසුන් හතරදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී ඇති බවයි.

ගැටුම හේතුවෙන් එම නේවාසිකාගාරය තාවකාලිකව වසා දැමූ බවයි බොරැල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 මේ අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළද ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories