හිටපු මහ බැංකු අධිපති අද බැඳුම්කර කොමිසමට

Friday, 10 March 2017 - 6:39

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (10) ප්‍රථම වරට බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 08 වැනිදා ඔහුට නොතීසි නිකුත් කෙරුණා.

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා වත්මන් මහ බැංකු අධිපත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් එක්ව සිටියා.   

මේ අතර, කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඊයේ දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැමිණියා.

එහිදී කොමිසමේ නිලධාරීන් මන්ත්‍රීවරයාට අවවාදයක් නිකුත් කරමින් කියා සිටියේ බැඳුම්කර කොමිසමේ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසටයි.

ඒ, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලා කොමිසමට ලිපියක් යොමුකළ බවට පසුගිය 7 වනදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories