හිටපු මහ බැංකු අධිපති බැඳුම්කර කොමිසමට

Friday, 10 March 2017 - 9:39

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නේ පළමු වරටයි.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 08 වැනිදා ඔහුට නොතීසි නිකුත් කෙරුණා.

ඒ අනුවයි, ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටින්නේ.

මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා වත්මන් මහ බැංකු අධිපත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories