හිටපු ඇමති බැසිල්ට අධි චෝදනා ගොනු කරයි

Friday, 10 March 2017 - 12:43

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අද (10) අධිචෝදනා ගොනුකරනු ලැබුවා.

ඒ මතභේදයට තුඩු දුන් මල්වාන ගගබඩ පාරේ පිහිටි අක්කර 16 ක ඉඩම සහ නිවස සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවයි.

මල්වාන - ගඟබඩ පාරේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනුකරනු ලැබුවා.

පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති නඩු විභාගයේදී අදාළ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස නියෝගයක් සිදුකර තිබෙනවා.

ඒ සදහා අධිකරණය ලබා ගත් ඉඩම් තක්සේරු වාර්තාවක පිටපතක් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ද ලබා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories