කොළඹට අමුතු උසස්වීමක්

Friday, 10 March 2017 - 18:44

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ නගරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තම මෙහෙයුම් සඳහා අපහසු ස්ථානයක් බවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් - නාගලගම්වීදිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් කිලෝග්‍රෑම් 13ක බරින් යුත් කෝටි 16ක් පමණ වටිනා හෙරොයින් තොගය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද එහිදී ඔහු කියා සිටියා.

හෙරොයින් ආනයනය කළ ප්‍රධාන ජාවාරම්කරු ද වන ඒ අතර වන බව ඔහු සදහන් කළා.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ.

මේ අතර, විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි, කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා කොටහේන පොලීසියට කැදවා තිබෙනවා.

කළුතර බන්ධනාගාර බස් රථයකට පසුගිය දා එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව කළුතර - උතුර පොලීසියට චෝදනා එල්ල වුණා.

ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළුතර - උතුර පොලීසියෙන් අදාළ බස් රථයට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් නිලධාරී හිඟය හේතුවෙන් එය ලබා නොදුන් බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories