හපුතලේ නාය යාමේ අවදානමකින් පවුල් 45ක් ඉවත් කෙරේ - දිවයින් පුරා තවදුරටත් තද වැසි

Sunday, 12 March 2017 - 14:11

%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+45%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අධික වර්ෂාවත් සමඟ හපුතලේ ග්ලැනෝල්වත්තේ නායයෑමේ අවදානමක් හේතුවෙන්  පවුල් 45 කට අයත් පුද්ගලයන් 143 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන් ඉවත් කර හපුතලේ - යහලබැද්ද පාසල වෙත යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එල්.එල් උදයකුමාර ප්‍රකාශ කළේ මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇද හැලෙන ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් එම ස්ථාන වලින් වහා ඉවත් වන ලෙසයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි සහ ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ මහවැසිත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

මේ නිසා බදුලුඔය පරිහරණය කිරීමේදී ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් පවතින බැවින් බොහෝ පළාත්වලට සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories