අන්තරේ අදත් පා ගමනින් කොළඹට

Monday, 13 March 2017 - 13:34

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ජාවට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් වැදී සිටින මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනා කර නොමැති බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඊට විරෝධය පලකරමින් අද දහවල් සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිට කොළඹ කොටුව දුම්රියපළ දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories