මහනුවර වායු දූෂණයෙන් ආරක්ෂා වන්නැයි ඉල්ලීමක්

Tuesday, 14 March 2017 - 13:40

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හේතුවෙන් එහි ජනතාව මුඛවාඩම් පැළඳ ගමන් කළ යුතු බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද මහාචාර්ය  ඕ.ඒ. ඉලේපෙරුම පවසනවා.

දිනකට මහනුවර නගරයට ලක්ෂයක පමණ රථ වාහන සංඛ්‍යාවක් ඇතුළු වන අතර, එය නගරයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් බවයි ඔහු සදහන් කළේ.

පාසල් ළමයින් ද වැඩි වශයෙන් මහනුවර නගරයට පැමිණෙන බැවින් දූෂිත වායු ආඝ්‍රහනය කිරීම පෙනහළු රෝගයට මුල් වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම කොළඹ නගරයට වඩා 5 ගුණයකින් මහනුවර නගරයේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය  ඕ.ඒ. ඉලේපෙරුම කියා සිටියේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories