මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් ශ්‍රී ලංකා ධජය සහිත නෞකාව සොයා යුරෝපා සංගමයෙන් මෙහෙයුමක්

Tuesday, 14 March 2017 - 14:21

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් යාත්‍රිකයන් 8 දෙනෙකු සමඟ පැහැර ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ධජය සහිත ඩුබායි ඉන්ධන නෞකාව සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව යුරෝපා සංගමයේ නාවික බලකාය ප්‍රකාශ කළා.

සෝමාලි මුහුදේ සහ ඉන්දීය සාගරයේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සඳහා යුරෝපා සංගම් නාවික බලකාය ක්‍රියාත්මකයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ඊයේ සන්ධ්‍යාවේ ඒරිස් 13 නමැති මෙම නෞකාව පැහැර ගත් බවට තොරතුරු ලැබුණු බවයි.

ඒ අනුව අද උදෑසනම එම නෞකාව පැවති මානයට ගුවන් යානයක් පිටත් කර යැවූ බවත් ඉන්දීය සාගරයේ යුරෝපා නාවික බලකාය සඳහන් කරනවා.

මෙම නෞකාව ආපදා සංඥා නිකුත් කර අතුරුදන් වූ බව මුහුදු කොල්ල වැළැක්වීම සඳහා වූ සහන සංවිධානය ද තහවුරු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories