ගීතාට මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බව නීතිපති කියයි

Tuesday, 14 March 2017 - 18:21

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව මැයි මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියට ද්විත්ව පුරවැසි භාවය හිමි බැවින් ඇයගේ මන්ත්‍රි ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් පස්දෙනෙක්.

එය අභියාචනාධිකරණයේදී අද සළකා බැලූනු අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවයි.

මේ දක්වා ඇය ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ඉවත් කරගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක කටයුතු කළ නොහැකි බවද නීතීඥවරුන් අධිකරණයේදී සඳහන් කළා.

ඒ අනුව කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අදාළ පෙත්සම පිළිබඳ ලිඛිත දේශන අප්‍රේල් මස 5 වනදා සිදුකිරීමටත් ඊට අදාළ තීන්දුව ලබන මැයි මස තුන්වනදා ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කළා.

මේ අතර මැයි තුන්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිිබුණා.

ඒ මතභේදයට තුඩු දුන් මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16 ක ඉඩම සහ නිවස සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව නීතිපතිවරයා ගොනු කර තිබූ අධිචෝදනා පිළිබඳ සැලකිල්ලට ගනිමින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories