උතුර පළාත් සභාවත් උණුසුම්

Tuesday, 14 March 2017 - 19:27

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
2015 වසරේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට උතුර පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාව සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.

පසුගිය 09 වනදා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, අද එය විවාදයට ගැනුණා.

කෙසේ වෙතත්, අද යළිත් වරක් පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඊට උතුර පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තවරාසා විරෝධය පළ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වයි.තවනාදන්, සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව ඉරා දමා ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.

අනතුරුව පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පසුගියදා සභාවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී ඇති අතර, ඊට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ.ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණා.

මේ අතර, ජීනිවා හි 2015 දී මෙරට පිළිබඳ සම්මත කරගත් යෝජනාවේ පසු විපරම් යෝජනා කෙටුම්පත මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය වෙත ඊයේ භාර දී ඇති බවයි වාර්තාවුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories