නීතීඥ සංගමයේ නිලවරණයේ දී තුන්කොන් සටනක්

Wednesday, 15 March 2017 - 7:30

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වන සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ නිලවරණය අද පැවැත්වෙනවා.

ඒ අනුව උදෑසන අටේ සිට පස්වරු පහ දක්වා කොළඹ ඇතුලු මධ්‍යස්ථාන 77ක නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.  

නිලවරණයේ තේරීම් භාර නිලධාරීවරයා ලෙස ජනාධිපති නීතීඥ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් පත්කර ඇති අතර කොළඹ නිලවරණයේ කටයුතු ඔහු විසින් සිදුකරනු ලබන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කළේ.

ප්‍රාදේශීය අධිකරණ ඡන්ද මධ්‍යස්ථානවල තේරීම් භාර නිලධාරීන් ලෙස එක් එක් අධිකරණයේ දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් හෝ මහේස්ත්‍රාත්වරුන් කටයුතු කරනු ඇති.

නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා නීතීඥවරුන් වන යූ.ආර්. ද සිල්වා, අනුර මැද්දේගොඩ සහ ආර්.ආර්. එස්. තංගරාජා නාමයෝජනා භාරදී තිබෙනවා.

නීතීඥ සංගමයේ ලේකම්වරයා ලෙස මේ වනවිටත් නිතරඟයෙන් තේරී පත්වී ඇත්තේ නීතීඥ අමල් රන්දෙණියයි.

අද පැවැත්වෙන නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති නීතීඥවරුන් සංඛ්‍යාව 14,000 ක්.

පසුගිය පෙබරවාරි මස 21 වනදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දින නියමයක් නොමැතිව කල් දැමුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේ විනිසුරුවරුන්ගේ සංගමය නිලවරණයට සහයෝගය නොදැක්වීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත්, පෙබරවාරි මස 25 වන දා රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව මගින් තීරණය කෙරුණේ මාර්තු මස 15 වනදා අදාළ නිලවරණය පැවැත්වීමටයි.

ඒ සඳහා  නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව ද සංශෝධනය කළ අතර, එය පදනම් කරගෙන විනිසුරු සංගමයේ සහය නොමැතිව වුවද නිලවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories