කොරියානු විදේශ ඇමති දිවයිනට

Wednesday, 15 March 2017 - 8:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍ය යුන් බියුන්ග්සෙ නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී 11.55ට දිවයිනට පැමිණියා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වන බවයි.

මෙම සංචාරයේදී දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ද්වි පාර්ශවික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර, මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද හමුවීමට නියමිතව තිබෙනවා.

කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 31කට පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories