සෝමාලි මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ලක්වූ නෞකාවේ ප්‍රධාන නිලධාරියාගේ බිරිඳ, හිරුට කතා කරයි

Wednesday, 15 March 2017 - 12:19

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයන් අතර කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සිටින බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒරිස් 13 නැමති එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස පැහැර ගැනිමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නෞකාවේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ මතුගම ප්‍රදේශයේ පදිංචි කේ.ටී. ප්‍රේමනාත් රුවන් සම්පත්ගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම ස්වාමිපුරුෂයා ඇතුලු සෙසු ශ්‍රී ලාංකිකයන් හත්දෙනා හැකි ඉක්මණින් නිදහස්කර දෙන ලෙසටයි.

මේ අතර එම නිලධාරියාගේ සහෝදරිය අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට ගොස් මේ සම්බන්ධව විමසීමක්ද සිදුකර තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

කොල්ලකරුවන් පැහැරගත් නැවේ ප්‍රධාන නිලධාරීයාගේ බිරිඳ පැවසූවේ මෙවැන්නක්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories