නුපන් දරුවන් රැකගන්නට ඉදිරිපත් වූ මන්ත්‍රීවරියක්

Wednesday, 15 March 2017 - 13:14

%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගබ්සා කිරීම් වලට විරෝධය දක්වමින් මේ දිනවල ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙනවා.

මේ අතර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මන්ත්‍රීවරියක් විසින් පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන සෑම අවස්ථාවකට දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය පවසන්නේ නුපන් දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් තමන් මෙම යෝජනාව ගෙන එන බවයි.

ඒ අනුව ඇය යෝජනා කරන්නේ අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී පිරිමියෙක් කෙරෙන සෑම ශුක්‍රානු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බවයි.

ඇමරිකාවේ ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක් වන ජෙසිකා ෆැරාර් පසුගිය සතියේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories