හිටපු ජනපති මහින්ද හෙට බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Wednesday, 15 March 2017 - 14:36

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත හෙට කැදවා තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ මැතිවරණ දැන්වීම් විකාශය කිරීම නිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සිදුවී ඇති මූල්‍ය අලාභය පිළිබද සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමටයි.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක්ට සහ සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුර සිරිවර්ධනට හෙට දිනයේ පැමිණෙන ලෙස එම කොමිසම දැනුම්දී තිබෙනවා.

ඒ, පසුගිය රජය සමයේ එම ආයතනවල සිදුවූ බව කියන වංචා දුෂණ පිළිබද සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories