පැහැරගත් නෞකාවේ සිටි ලාංකිකයන් ගැන තොරතුරු හෙළිවෙයි

Wednesday, 15 March 2017 - 17:41

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෝමාලියාවේදි පැහැරගැනීමට ලක්වු නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 08 දෙනා කඩිනමින් මුදා ගැනීම සදහා සෝමාලියානු රජය සමග සාකච්ජා ආරම්භ කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනල් කමාන්ඩර් චමින්ද වලාකුලූගේ කියා සිටියේ එහි සේවය කළ නැවියන් සියලූ දෙනා ශ්‍රී ලාංකිකයින් බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.

ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙම නෞකාව පැහැර ගැනීමට ලක්වුණේ පෙරේදා දිනයේදීයි.

කෙසේ වෙතත් නාවික හමුදාව ප්‍රකාශ කලේ මෙම පැහැර ගැනිම සිදු කළ කණ්ඩායම කවුරුන්ද යන්න පිලිබද තවමත් පැහැදිලි  තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

මේ අතර ශ්‍රී ලාංකිකයින් සහිත නෞකාව මුදා හැරිම සදහා පැහැරගත් පිරිස  කප්පම් ඉල්ලා ඇති බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

යුරෝපීය නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් සමග සිදු කළ දුරකථන සංවාදයකදි නැව මුදා හැරීමට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බව සදහන්.

එමෙන්ම පැහැර ගැනීමට ලක්වු නෞකාව තුලට ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් ඇතුල් වී ඇති බව ද අදාළ වාර්තාවල සඳහන් වුණු අතර නාවික හමුදාව කියා සිටියේ නැව මුදා හැරිම සදහා කිසියම් කණ්ඩායමක් කප්පම් ඉල්ලා ඇති බවට කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මේ අතර පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් හැකි කඩිනමින් මුදාගන්නා ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතින් අද විදේශ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක්ද භාර දුන්නා. 

නෞකාවේ සිටි ලාංකිකයන්ගේ නම් පහතින්.

නිකලස් ඇන්තනී - කපිතාන් ( කාක දූපත )
රුවන් සම්පත් - (මතුගම)
දිලීප රණවීර - (ගාල්ල)
සුනිල් පෙරේරා - (කඳාන)
ලහිරු ඉදුනිල් විදානපතිරණ - (අකුරැස්ස)
ජයන්ත කළුබෝවිල - (හොරණ)
ජනක සමේන්ද්‍ර - (දෙවිනුවර)
ඒ.ෂන්මුගම් - (මීගමුව)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories