ඉංගිරිය - හඳපාන්ගොඩ කැකුණදොල පාලම අසලදී ත්රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු හඳුනාගෙන ඇති බව ඉංගිරිය පොලීසිය පවසනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයාට කිසිදු හානියක් සිදුව නැහැ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ඒඩින් ප්රනාන්දු හෙවත් බුරුසුවා නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු නඩු කටයුත්තක් සඳහා හොරණ අධිකරණයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙම ප්රහාරයට ලක්ව තිබෙනවා.

Follow US
Most Viewed Stories