විශ්‍රාම වැටුපෙන් කප්පාදු කළ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් විරෝධතාවක

Thursday, 16 March 2017 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
තම විශ්‍රාම වැටුපෙන් කප්පාදු කළ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිතර වුණා.

එහිදී පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.

ආබාධිත රණවිරුවන්ගේ මේ මස විශ්‍රාම වැටුපෙන් රුපියල් 6000 ක මුදලක් කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් පැවති මෙම විරෝධතාවට රණවිරුවන්ගේ මව්පියන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ද එක්ව සිටියා.

මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පැවති මෙම විරෝධතාවට එක් වුවන්ගෙන් 5 දෙනෙකුට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories