යුක්තිය ඉටුකරන බව ජනපති ප්‍රකාශ කළා

Thursday, 16 March 2017 - 8:00

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F
සයිටම් ගැටලුවට යුක්ති සහගත විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරුන් සහ දෙමව්පියන් මෙන්ම අමාත්‍ය එස්.බී. දිසානායකද මෙම සාකච්ඡාවට සහභාගිවී තිබෙනවා.

එහෙත් සයිටම් විරෝධී සටන මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණේ නැහැ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories