ඩෙංගු වෛරසයේ වෙනසක්

Thursday, 16 March 2017 - 8:24

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඩෙංගු වෛරසයේ වෙනසක් මේ වනවිට සිදුව ඇති බවට සැක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා.

කින්නියා ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම වෙනස ඩෙංගු තත්ත්වය වර්ධනය වීමට හේතුවී ඇති බවට සැක කරන බවයි.

වසරේ ගතවූ දින 75 ක කාලය තුළ ඩෙංගු වෛරසය වැළඳුණු 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම, තවත් 21,541 දෙනෙකුට මෙම වෛරසය වැළඳී ඇති බවට වාර්තාවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය සීග්‍ර ලෙස පැතිර යාම නිසා කින්නියා අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 66ක්  ඊයේ සිට දින 3 ක් වසා දමා තිබෙනවා.  

කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් ගෙවී ගිය සති දෙකක කාලය තුළ ඩෙංගු වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 12 ක්.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පැතිර යන්නේ වෙනත් වෛරසයක් නොව ඩෙංගු රෝගය බවයි.

ඒ බව සායනික සහ රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් පරිදි කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝග මර්දන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ රෝගීන් සඳහා කඩිනම් වෛද්‍ය පහසුකම් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories