මාතර මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක ගින්නක්

Thursday, 16 March 2017 - 8:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A++%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මාතර - පඹුරන ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක පිහිටි මෙම වෙළඳසැලේ ගබඩා කර තිබූ මෝටර් රථ අමතර කොටස් විශාල ප්‍රමාණයක් ගින්නට හසුව විනාශ වී ඇති බවයි.

මාතර මහ නගර සභාවේ ගිනි නිිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබුණා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories