හිටපු ජනපති අද බරපතල කොමිසමට නොපැමිණේ

Thursday, 16 March 2017 - 9:07

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා දූෂණ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පෞද්ගලික හේතුවක් මත අද දිනයේ නොපැමිණෙන බවට ඔහුගේ නීතීඥයින් දැනුම්දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොමිසම හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් විකාශය කිරීම නිසා රූපවාහිනී ආයතනයට සිදුවී ඇති මූල්‍ය අලාභය පිළිබද සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අද මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories