එජාප, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු කළමනාකරුගේ නිවසට ගිනි තැබූ විත්තිකරුවන්ට වසර 19 ක සිර දඬුවම්

Thursday, 16 March 2017 - 11:45

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+19+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු කළමනාකරු ලෙස කටයුතු කළ වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිදහස් සන්ධානයේ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද ඇතුළු තවත් විත්තිකරුවෙකුට වසර 19 ක් සහ මාස 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද නියම කෙරුණා.

උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මීට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි ඉතිරි විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමටයි විනිසුරුවරයා පියවර ගත්තේ.

2008 වසරේ උතුරුමැද පළාත් සභා මැතිවරණ සමයේ වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා තිබූ අතර, එමගින් රුපියල් ලක්ෂ 500 ක දේපල හානියක් සිදුවූ බවටයි පසුව තක්සේරු කෙරුණේ. නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය රාජා ජෝන් පුල්ලේ මෙම සිද්ධියෙන් පසු මේජර් ජනරාල් ජානක පෙරේරාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අනුරාධපුර පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කියා සිටියේ අනුරාධපුරයේ එවකට සිටි උසස් පොලිස් නිලධාරින් ගිනි තැබීම සිදුකරන අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ නම් මෙම අපරාධය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories