ටොප් ටෙන් අවසන් පැමිණිල්ල අගමැතිට

Thursday, 16 March 2017 - 13:03

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
ඒකාබද්ධ විපක්ෂය මගින් ක්‍රියාත්මක ටොප් ටෙන් අවසන් පැමිණිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව අද අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී රුපියල් මිලියන 5000 කට ආසන්න මුදලක් රජයට පාඩුවී ඇති බව පවසමින්.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ටොප් ටෙන් යටතේ ඉදිරිපත් කළ දෙවන පැමිණිල්ල මෙය වනවා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ටොප් ටෙන් යටතේ සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර නොතිබීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය ලිඛිතව දැනුවත් කරන බවයි.

මීට පෙර මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අමාත්‍යවරුන් වන තලතා අතුකෝරල, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, පී. හැරිසන්, මෙන්ම මුදල් අමාත්‍ය රවී කරුණානායකට ටොප් ටෙන් යටතේ පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories