මහනුවර කෝටිපතියෙකු අත්අඩංගුවට

Thursday, 16 March 2017 - 13:12

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තලාතුඔය - නැහිනිවෙල ගබඩාවක සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේවා යාපනයේ සිට රැගෙනවිත් ඇති බවට හෙළිවී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගය මේ දක්වා මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශාලම කේරළ ගංජා තොගය වීමද විශේෂත්වයක්.

සංචාරක ව්‍යාපාරයක් මෙන්ම සුඛෝපභෝගී රථවාහන සහ ගොඩනැගිලි රැසක හිමිකරු වන අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යාපනයේ සිට කේරළ ගංජා මහනුවරට ප්‍රවාහනය කර පසුව ඒවා මධ්‍යම පළාතේ විවිධ ස්ථානවලට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු බවට හෙළිවී තිබෙනවා.

සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වස, විෂ, අබින් හා අන්තරායකර ඖෂධ මැඩලීමේ පනත යටතේ ඉදිරියේදී මහනුවර මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණ භූමියට හෙරොයින් මත්කුඩු රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සඳහන්.

අද දිනයේ විභාගවීමට නියමිත නඩුවක සැකකරුවෙකු සඳහා ලබාදීමට මෙම හෙරොයින් මත්කුඩු රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories