විත්ති කූඩුවේ සිට අනුර සේනානායකගෙන් ප්‍රකාශයක්

Thursday, 16 March 2017 - 14:05

%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 30 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මීට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි හමුවේ සළකා බැලූනු අවස්ථාවේදියි.

මෙහිදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් සැකකාර අනුර සේනානායක කියා සිටියේ තමන්ට එල්ලවී ඇත්තේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව බැවින් ඊට අදාළව ඇප ලබාදිය හැකි බවයි.

එහෙත් එසේ නොකිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කළ අනුර සේනානායක, තමන්ටද අවශ්‍යවන්නේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීම බවද කියා සිටියා.

මේ අතර, මාධ්‍යවේදී කීත් නොයාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර්වරයා ඇතුළු 5 දෙනා මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැදවූ අවස්ථාවේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories