ඇමති ධුර වෙනසක් ගැන ජනපතිගෙන් ඉඟියක්

Thursday, 16 March 2017 - 18:19

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ධීවර අමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (16) ප්‍රකාශ කළා.

ඒ මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ධීවර කැබිනට් අමාත්‍ය ධුරය මහින්ද අමරවීරටත්, එහි රාජ්‍ය අමාත්‍ය ධුරය දිලිප් වෙදආරච්චිටත්, දකුණු පළාත් ධීවර අමාත්‍ය ධුරය එච්.ඩබ්ලිව්.ගුණසේනට හිමිව තිබෙනවා.

තංගල්ල ආසනයටම ධීවර අමාත්‍ය ධුර 03 ක් හිමිවීම ගැටලූවක් වී ඇත්නම් ධීවර කැබිනට් අමාත්‍ය ධුරයේ වෙනසක් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories