ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු සමග සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නැව මුදා හැරේ - මරණයෙන් මිදී නැවත ඉපදීමක්, නැවේ කපිතාන් හිරුට තුති පුදයි

Friday, 17 March 2017 - 6:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
කපිතාන්වරයා ඇතුලූ මුළුමනින්ම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සමග සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් ඒරිස් - 13 ඉන්ධන නෞකාව ඊයේ (16) රාත්‍රියේ මුදා හැර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස සිටි අතර ඔවුන් සියලූදෙනා කප්පම් ගැනීමකින් තොරව නෞකාව සමග මුදා හැරීම විශේෂත්වයක්.

2012 වසරෙන් පසු මෙලෙස සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාවක් සාකච්ඡා මාර්ගයෙන් මුදා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වනවිට මුදා ගත් නෞකාව සමගින් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත රැගෙන යමින් සිටිනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි සිටින දෙවන නිලධාරි දිලීප නිශාන් අනුරංග කියා සිටියේ තමන් නෞකාව හිමි සමාගම වෙත භාරදීම සදහා එහිදී කටයුතු කරනු ඇති බවයි.

සෝමාලි මුහුදු කොල්ලකරුවන් අතට පත් වූ නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනීම සදහා හිරු දැක්වූ සහය පිලිබදව එහි කපිතාන්වරයා වෙනුවෙන් දෙවන නිලධාරි දිලීප නිශාන් අනුරංග තුති පුද කළා.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රථමයෙන් දුරකථන ඇමතුමක් ලබාදෙමින් සොයා බැලීමක් සිදුකළේ ද හිරු ප්‍රවෘත්ති අංශය යන්නයි.

තමන් පිළිගැනීම සදහා සෝමාලි බලධාරින් උත්සවයක් ද සංවිධාන කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ නෞකාව සෝමාලියාවේ අර්ධ පාලන රාජ්‍යයක් වන පුන්ට්ලන්ඞ් හි අලූලා වරාය නගරයට එපිටින් නැංගුරම් ලා තිබුණා.

පැහැර ගත් නෞකාවේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් 70 කට ආසන්න පිරිසක් සිටි බව එහි කපිතාන් නිකලස් ඇන්තනී හිරු ප්‍රවෘත්ති අංශයට ඊයේ ප්‍රකාශ කලා.

එබැවින් නෞකාව වටා යොදා ඇති සෝමාලියානු ආරක්ෂක අංශ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස තමන් සෝමාලියානු රජයෙන් ඉල්ලීමක් කරන බවයි කපිතාන්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීමෙන් සෝමාලියානු රජය සමග සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට ද කටයුතු කරනු ලැබුවා.

ජනාධිපතිවරයා, නාවික හමුදාපතිවරයා අමතා ඒ සදහා කටයුතු කරන ලෙස දැනුම්දී තිබූ අතර, බහරේන්හි පිහිටි ඒකාබද්ධ නාවික බලකාය සෝමාලි මුහුදු පොලිසිය අමතා නෞකාව දෙසට වෙඩි තැබීම නතර කරන ලෙස දන්වා තිබෙනවා.

ඉන්ධන නෞකාවක් වූ ඒරීස් 13 වෙත වෙඩි තැබීමෙන් තමන්ගේ ජීවිත අවදානමකට ලක්වන බවයි නෞකාවේ කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ නමුත් මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයෙන් අනතුරුව මුහුදු කොල්ලකරුවන්, නාවික බලකාය සහ සෝමාලි ප්‍රාදේශීය රාජ්‍යයේ මැදිහත්කරුවන් නෞකාව මුදා ගැනීම සදහා සාකච්ඡා ආරම්භ කළා.

ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාව වෙත ඉන්ධන රැගෙන යමින් සිටියදී මෙම නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූයේ පසුගිය සදුදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories