වන සංරක්ෂණවලට අයත් රක්ෂිතවල කැණීම් සිදුකිරීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කෙරේ

Friday, 17 March 2017 - 9:13

%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දැනට මතුව ඇති පරිසර ප්‍රශ්නය පිළිබදව සැලකිල්ලට ගෙන වන සංරක්ෂණයට අයත් රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබෙනවා.

වන සංරක්ෂණ ජනරාල් අනුර හතුරුසිංහ සදහන් කළේ දැනට පුද්ගලිකව සහ විවිධ සමාගම් මගින් ඉදිරිපත් වී බලපත්‍ර ලබා ගනිමින් අදාළ කැණීම් සිදුකළ බවයි.

එහෙත්, මින් ඉදිරියට එම සියළු අවශ්‍යතාවයන් සදහා රජයේ ආයතනයක් මගින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

නිසි ක්‍රමවේදයකින් තොරව පස්, වැලි, බොරළු සහ කළු ගල් කැණීම සිදුවන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories