ඉංගිරිය හඳපාන්ගොඩදී ත්රී රෝද රථයකින් ගමන් කල පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ අධිකරණයේ නඩුවකට පෙනී සිටීම සඳහා ගොස් යළි පැමිණෙමින් සිටි පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා තිබුනේ පෙරේදා පස්වරුවේයි.
වෙඩි තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හඳපාන්ගොඩ ප්රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක්.
ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටකොස්සාව ප්රදේශයේදීයි.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියක් සහ හිස් පතොරම් කොපුවක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු අද හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories