මුහුදු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලාංකික නැවියන් මුදා ගැනීමට සහය වූ පාර්ශවලට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසාදය

Friday, 17 March 2017 - 12:57

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
ශ්‍රී ලාංකික නැවියන් 8 දෙනෙකු සමග සෝමාලි මුහුදු කොල්ලකරුවන් අතට පත් වූ ඒරීස් - 13 නෞකාව කප්පම් ගෙවීමකින් තොරව මුදා ගැනීම සදහා සහාය දැක්වූ පාර්ශවයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය ස්තූතිය පළ කළා.

විශේෂයෙන් සෝමාලියාවේ ස්වයං පාලන කලාපයක් වන පුන්ට්ලෑන්ඩ් හි ජනාධිපතිවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රසාදය පළ කළේ ඔවුන්ගේ ක්‍රියාකාරි දායකත්වය නොමැතිවී නම් ශ්‍රී ලාංකික නැවියන් මුදා ගැනීම දුෂ්කර වනු ඇති බව පවසමින්.

නෞකාවේ කාර්ය මණ්ඩලය හිරු අමතා කළ ඉල්ලීම් ක්‍රියාත්මක වූයේ පුන්ට්ලෑන්ඞ් පරිපාලනය වෙත ඒවා දැනුම්දීමෙන්.

ඒරීස් - 13 ඉන්ධන නෞකාව සහ එහි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල මුදා ගැනීමේ මෙහෙවරේදී සහාය පළ කළ ඇමරිකා එක්සත් ජනපදයට සහ ශ්‍රී ලංකාවේ, ඇමරිකානු තානාපතිවරයාට මෙන්ම, බහරේනයේ ඒකාබද්ධ නාවික බලකායට, යුරෝපා සංගමයට සහ අනෙකුත් රජයන් ඇතුළු පාර්ශවයන්ට ද විදේශ කටයුතු අමාත්‍යාංශය ස්තූතිය පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories