මානව හිමිකම් මණ්ඩලයෙන් වසර දෙකක් කල් ඉල්ලන යෝජනාවට ඇමරිකානු සහාය

Friday, 17 March 2017 - 13:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ යෝජනාව ක්‍රියාවට නැංවීම සදහා තවත් වසර දෙකක් කල් ඉල්ලීමේ යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය සහාය පළ කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංහිදියාව වගවීම සහ මානව හිමිකම් වලට අනුබල දීමේ යෝජනාව සදහා අනෙකුත් සත්කාරක රටවල ද සහාය අපේක්ෂා කරන බවයි.

ඒ සදහා බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව සහ යෝජනාවට සම සත්කාරකත්වය දැක්වූ ශ්‍රී ලංකාව සමග ද සමීපව කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා.

නව යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ යුක්තියට, නැවත ගැටුම් ඇති නොවන වාතාවරණයක් ඇති කිරීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නිදහස ශක්තිමත් කිරීමට අනුබල ලැබෙන බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම සදහා නැවත එකගවීම පිළිබදව ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය පළ වී තිබෙනවා.

මෙරට සංහිදියාව සහ සාමයට සහය වීම සදහා මෙම යෝජනාවට සහය දක්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලට ද ආරාධනා කරන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංහිදියාවට උරදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජය විසින් අඛන්ඩව දරණ ප්‍රයත්නය පිළිබදව එක්සත් ජනපදයේ ප්‍රසාදය පිරිනමන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories