ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු විරෝධතාවක (ඡායාරූප)

Saturday, 18 March 2017 - 10:18

%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු මේ වනවිට එහි අඩි 70 ක් පමණ උසැති ජල ටැංකියක් මතට නැගී විරෝධතාවක නිරත වනවා.

ඒ ප්‍රාදේශීය සභාවේ ආදේශක කම්කරුවෙකු ලෙස ඔහු සේවය කළ ද විධිමත් රාජකාරියක් නොමැතිවීම නිසා තම වැටුප අඩුවී ඇති බව පවසමින්.

ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා හෝ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා පැමිණ තම ගැටලූවට විසදුමක් ලබාදෙන තුරු ජල ටැංකියෙන් බිමට නොබසින බවයි ඊයේ (17) රාත්‍රීයේ සිට විරෝධතාවයේ නිරත ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ප්‍රාදේශීය සභාවේ සෙසු ආදේශක කම්කරුවන්ට ලේකම්වරයා විසින් රාජකාරි පවරන බවත් තමන්ට රාජකාරි හිමි නොවන බවත් ආර්.කේ සුනිල් ශාන්ත නමැති මෙම සේවකයා ප්‍රකාශ කරනවා.

එම ස්ථානයට ගිය අප වාර්තාකරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම් පෝල් ප්‍රනාන්දුගෙන් මේ පිළිබද විමසූ විට ඔහු සදහන් කර ඇත්තේ රාජකාරි පැවරීම අවශ්‍යතා අනුව පමණක් සිදුකරන බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories