සිරියානු සාම වෑයම තවත් ඉදිරි පියවරක් තබයි

Saturday, 18 March 2017 - 19:34

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%91%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
සිරියානු කැරලිකරුවන් සහ රජය අතර ඇති කර ගත් එකගතාවයකට අනුව එරට අල්වයර් දිස්ත්‍රික්කයේ රැදී සිටින කැරලිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ප්‍රදේශයෙන් ඉවත් වීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැරලිකරුවන් බස් රථ වල නැගී වයඹ දිග ඇලප්පෝ ප්‍රදේශයට පිටත්ව ගිය බවයි.

ඔවුන් පිටත් වන අයුරු රුසියානු සහ සිරියානු ආරක්ෂක අංශ නිරීක්ෂණයට ලක් කර ඇති අතර, අල්වයර් දිස්ත්‍රික්කයෙන් ඔවුන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සදහා සති 6 ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය සිරියාවේ සාමය සඳහා වන ක්‍රියාවලියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories