චීන ආරක්ෂක අමාත්‍යවරයා අද රාත්‍රියේ දිවයිනට

Sunday, 19 March 2017 - 13:19

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
චීන ආරක්ෂක අමාත්‍ය චෑන් වෑන්කුවන්  තුන්දින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

චීන මහජන විමුක්ති හමුදාවේ ජනරාල්වරයෙකු වන ඔහු දිවයිනට පැමිණෙන්නේ 19 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමගයි.

ඊට පෙර චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලූ නියෝජිතයන් නේපාලය සහ බංග්ලාදේශයේද සංචාරයක නිරතවුණා.

ඒ, චීන ගොඩබිම් සහ මුහුදු සේද මාර්ගවල ආරක්ෂක කටයුතු පිළිබඳව ඇගයීමක් සිදුකිරීමේ අරමුණෙන්.

චීන ආරක්ක්ෂක අමාත්‍යවරයා අද ශ්‍රී ලංකාවට පැමිනෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ රජයේ නියෝජිතයන්ද මුණගැසීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙන්ම කලාපීය ආරක්ෂක කටයුතු පිළිබඳව ඔහු මෙරට බලධාරීන් සමග අදහස් හුවමාරු කරගනු ඇති.
 
 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories