රථ වාහන රාජකාරිවලට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Sunday, 19 March 2017 - 18:37

%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් රථ වාහන රාජකාරිය සඳහා යෙදවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ සඳහා පොලිස් ලාංඡනය රහිත මෝටර් රථ ද යොදා ගැනීමටයි අවදානය යොමු කර ඇත්තේ.

මාර්ග නීති ආරක්ෂා කිරීම තුළින් රිය අනතුරු සංඛ්‍යාව අවම කිරීම, පදිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඊට අදාළ මූලික පෙරහුරුවක් පසුගිය දා කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයකදී සිදුකෙරුණා.

ඒ, පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දුගේ අධීක්ෂණය යටතේයි.

එහිදී හදුනා ගැනුණු දුර්වලතා පිළිබදව තවත් සාකච්ඡා වට කිහිපයක් සිදුවනු ඇති.

අදාළ රථ වාහන වැඩපිළිවෙල නුදුරේදීම ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

රථ වාහන රාජකාරියේදී අනුගමනය කෙරෙන මෙම නව ක්‍රියාමාර්ගය පිළිබදව ඇති සූදානම සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් විමසීමක් කළා.

ඔහු සදහන් කළේ එවැනි වැඩපිළිවෙලක් පිළිබද තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

එය සුදුසු යැයි හැගෙන අවස්ථාවක තමන් විසින් ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories