ඥාතීන් දැකීම එකම අරමුණයි - නැවියන් සෝමාලියාවේ සිට හිරුට කියයි

Monday, 20 March 2017 - 7:25

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ඒරීස් - 13 නෞකාවේ පවතින ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ලබාදීමට කටයුතු කරන බව එම නෞකාවේ ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් පවසනවා.

අද දිනයේදී මෙම නෞකාව සෝමාලියාවේ බොසාසෝ වරායේ සිට ජිබුටි වෙත ළඟාවීමට ද නියමිත බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 08 දෙනා සමඟ අදාළ නෞකාව ඊයේ සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ළඟා වුණා.

එහිදී ඔවුන් උණුසුම් ලෙස පිළිගැනුණු අතර එම අවස්ථාවට සෝමාලියානු උප ජනාධිපතිවරයා ද පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්බන්ධ වෙමින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල කියා සිටියේ.

කෙසේ වෙතත්, හැකි ඉක්මනින් නිවෙස් වලට පැමිණීම තම අපේක්ෂාව බවයි ඒරිස් - 13 නෞකාවේ ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories