ජනපතිට සහ අගමැතිට සිතාසි

Monday, 20 March 2017 - 11:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
එළබෙන ජුලි මස 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අද සිතාසි නිකුත් කොට තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගේ නියෝගයකට අනුවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් තිස්ස අත්තනායක මහතා කූඨ ලේඛණ සැකසූ බවට ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම සඳහායි මෙලෙස සිතාසි නිකුත් කොට තිබෙන්නේ.

මෙම පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන්වන ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත් කොට තිබුනද රාජකාරි කටයුතු හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔවුන් අධිකරණයට දන්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු වන කබීර් හෂීම් අධිකරණයට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කරේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories