හම්බන්තොට වරාය ගිවිසුම හෙට අමාත්‍ය මණ්ඩලයට

Monday, 20 March 2017 - 12:49

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරිම සම්බන්ධයෙන් වන සංශෝධිත ගිවිසුම හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව බව ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යනය සදහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළ අතර එම කමිටුව විසින් තවත් පාර්ශව තුනක අදහස් සහ යෝජනා සලකා බැලිමෙන් අනතුරුව සංශෝධිත ගිවිසුම සකස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

වරාය අධිකාරියේ ජේ්‍යෂ්ඨ නිලධාරින්ගේ සැදුම්ලත් අනුකමිටුව,අමත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සැදුම් ලත් අනුකමිටුව සහ වරාය විෂයභාර අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නව ගිවිසුම සදහා මෙලෙස අදහස් සහ යෝජනා ලබා ගෙන තිබෙනවා.

මීට අමතරව චීන රජයේ පාර්ශවයෙන් චයිනා මර්චන්ට් සමාගම ද සිය යෝජනා ඉදිරිපත් කර ඇති බව සදහන්.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් සති අන්තයේ දී ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී තිබුණා.

ඉන් බොහෝ වාර්තා මගින් කියවුණේ පළමුව චයිනා මර්චන්ට් සමාගමට සියයට 80 ක කොටස් අයිතියක් සහ වරාය අධිකාරියට සියයට 20 ක කොටස් අයිතියක් ලැබෙන ලෙස මෙම ගිවිසුම අත්සන් කරන බවයි.

ඉන් පසු මාස 5 ක් ඇතුළත චීන සමාගමට අයිති සියයට 80 ක කොටස් වලින් තවත් සියයට 20 ක් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට මිලදී ගැනීමට ඉඩ සළසා ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 1 ක් පළමුව චීන සමාගමෙන් මෙරටට හිමිවන අතර අතර, කර්මාන්තශාලා 150 ක් පමණ මූලික කර්මාන්ත කලාපය තුළ ඉදිකිරීමට අපේක්ෂිතයි.

මේ අතර හම්බන්තොට වරාය ඇතුළු ජනතා දේපල පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් එම යෝජනා පරාජය කිරීමට කටයතු කරන බව සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කළා.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories