2017 ජාතික සම්මාන උළෙල අද පස්වරුවේ

Monday, 20 March 2017 - 13:01

2017+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් සම්මානයෙන් පුදනු ලබන 2017 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

වසර 12 කට පසු පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කර ඇති මෙරට පුරවැසියන් 90 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සම්මාන හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙහිදී ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හිමි කරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමානය සම්මානය අභාවප්‍රාප්ත, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් වෙත පිරිනැමෙනු ඇති.

ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10 ක්, දේශබන්දු සම්මාන 9 ක්, විද්‍යාජෝති සම්මාන 11ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකාශිඛාමනී සම්මාන 7ක්, විද්‍යානිධි සම්මාන 10ක් මෙහිදී පිරිනැමෙනවා.

කලාශූරී සම්මාන 14ක්, ශ්‍රී ලංකාතිලක සම්මාන 2ක් සහ වීරප්‍රතාප සම්මාන 2 ක්ද ජනාධිපතිවරයා අතින් මෙහිදී පිරිනැමෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ඨ සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් නොවන පුද්ගලයින්ට ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකාරංජන සම්මාන දෙකක්ද මෙවර සම්මාන උළෙලේදී  පිරිනැමීමට සැළසුම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories