රජයේ වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම අලුත් ක්‍රමයකට

Tuesday, 21 March 2017 - 7:49

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීති ගත කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කල ඉල්ලිමට ලබන 30 වන දා වන තෙක් විසදුමක් නොලැබුණහොත් පෞද්ගලික වෛද්‍ය සේවය ඇතුළු සියලුම වෛද්‍ය සේවා වලින්ද ඉවත් වීමට කටයුතු කරන බව රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි නියෝජ්‍ය ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්ෂණයට සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ එහි ගොස් තිබෙනවා.

පසුව මෙම ආයතනයට අනුමැතිය ලබාදීමේදී අක්‍රමිකතා රැසක් ඇති වී ඇති බවට වෛද්‍ය සභාව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කර ඇති බව සදහන්.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ද ඊයේ දිනයේදී කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී දියත් කළා.

ඒ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විරෝධී මධ්‍යස්ථානය විසින්.

මේ අතර, රජයේ වෛද්‍ය සිසුන්ගේ දෙමව්පිය සංසදය ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගොස් එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මුණ ගැසුණා.

ඒ, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින්.

ඔවුන් එහිදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ කඩිනමින් ම වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු විධිමත් කරන ලෙසයි.

මේ වන විටත් පවතින විරෝධතා හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු බිද වැටී ඇති බවයි ඔවුන් කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී ඇත්තේ.

මෙලෙස ඊයේ දිනයේදී මෙම සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙමව්පියන් විශේෂඥ වෛද්‍යවරුන් වීම ද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories