සැමියා මරා සූට්කේස් එකට දැමූ බිරිඳ මාට්ටු වුණ හැටි

Tuesday, 21 March 2017 - 14:09

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ බිරිඳක් විසින් සිය සැමියාට වෙඩි තබා ඝාතනය කර ගමන් බෑගයක දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය විසින් සිය මෝටර් රථයට බෑගය දමන්නට යන අවස්ථාවේ අසළ සිටි ත්‍රීවීල් රථ රියදුරන් පිරිසක් බෑගයෙන් වැගිරෙන ලේ දැක තිබෙනවා.

ඒ අනුව සැක සිතූ පුද්ගලයින් බෑගය පරික්ෂා කළ විට දැක ඇත්තේ පුද්ගලයකු ලේ වැගිරෙමින් සිටින ආකාරයයි.

දේශපාලඥවරයකුගේ ඥාති දියණියක් වන එම කාන්තාවගේ නිවසේ තිබී පිස්තෝලයක් ද හමුවී තිබෙනවා.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 40ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories