නිදහස් පක්ෂයෙන් බලපිටිය, අක්මීමන සහ රත්ගමට නව ආසන සංවිධායකවරුන්

Tuesday, 21 March 2017 - 14:16

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
ගාල්ල - බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සඳහා පත් කෙරුණු නිදහස් පක්ෂ සංවිධායකවරුන් තුන්දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් පත්වීමේ ලිපි ලබාගත්තා.

ඒ අනුව බලපිටිය ආසනයේ නව සංවිධායක ලෙස  බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දයාරත්න ද සිල්වා පත්කර ඇති අතර, අක්මීමන ආසනයේ නව සංවිධායකවරයා වන්නේ දකුණු පළාත් සභාවේ අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලකයි.

රත්ගම ආසනයේ නව සංවිධායකවරයා ලෙස පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවෙගෙයි පත්කර තිබෙනවා.

සජින් වාස් ගුණවර්ධන බලපිටිය ආසනයේ මීට පෙර සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ අක්මීමන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා.

රත්ගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා යි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories