අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 21 March 2017 - 15:01

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකින් රුපියල් 100ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් මැටි, පස් සහ වැලි ප්‍රවාහනය කරන ලොරි රථවලින් අල්ලස් ලබාගන්නා බවට කොමිසම වෙත ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව - පන්නල මාර්ගයේ පිහිටි සිංගක්කුලිය පොලිස් මාර්ග බාධකයේදියි.

එසේම අල්ලස් මුදල් ලබාදුන් ලොරි රථයේ රියදුරුද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දංකොටුව පොලීසියට අනුයුක්ත මෙම පොලිස් සැරයන්වරයා සහ පොලිස් සහයකවරයා සහ ලොරි රථයේ රියදුරු අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories