ඇමරිකාවට එන ගුවන් මගීන්ට ලැප්ටොප් තහනමක්

Tuesday, 21 March 2017 - 15:04

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් 8කින් ඇමරිකාවට පැමිණෙන ගුවන් මගීන්ට ටැබ්ලට්, ලැප්ටොප් පරිගණක වැනි විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන ඒම තහනම් කර තිබෙනවා.

එය ගුවන් සේවා 9කට සහ ගුවන් තොටුපළ 10කට බලපවත්වන බවයි ඇමරිකානු රජය ප්‍රකාශ කළේ.

ලැප්ටොප් පරිඝනක පමණක් නොව කැමරා, ඩී. වී. ඩී යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ ද මෙලෙස ඇමරිකාවට ගුවන් මගින් රැගෙන ඒම තහනම් වනවා.

කෙසේ නමුත්, ජංගම දුරකථන සහ ස්මාට් දුරකථන සඳහා එම තහනම බලපවත්වන්නේ නැහැ.

ත්‍රස්තවාදී ප්‍රහාරවල අවධානම හේතුවෙන් මෙම තහංචිය ක්‍රියාත්මක වන බවයි ඇමරිකානු බලධාරීන් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories