මහානාම සිසුන්, ආදි සිසුන් සහ තවත් පිරිසක් සමග යසෝදරා බාලිකාවට පනී

Tuesday, 21 March 2017 - 18:08

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන්, ආදි සිසුන් සහ තවත් විදුහල් කිහිපයක සිසුන් පිරිසක් අද බොරැල්ල - යසෝදරා බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලූම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුවුණා.

මහානාම විද්‍යාලය සහ ඩී .එස්. සේනානායක විද්‍යාලය අතර මේ මස 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගයට සමගාමීව මහානාම සිසුන් ඇතුලූ පිරිසක් අද රිය පෙරහර සංවිධාන කර තිබූ අතර, ඒ අතරතුරයි මෙම සිද්ධිය හටගත්තේ.

පෙළපාලියක් අතරතුර සිසුන් සහ ආදි සිසුන් යසෝදරා බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලූවීම හේතුවෙන් එහි සිටි සිසුවියන් භීතියට පත්ව ඇති අතර විද්‍යාලයේ දේපළවලට ද ඇතුලූ වූ පිරිස හානිකර තිබුණා.

පසුව බලහත්කාරයෙන් කඩාවැදුනු ආදි සිසුවෙකු යසෝදරා විද්‍යාලයේ ගුරුවරුන් විසින් එහි රඳවාගත්තා. කෙසේ වෙතත් නැවත එම ස්ථානයට කඩාවැදුණු රථ පෙළපාලියේ පැමිණි සිසුන් සහ ආදි සිසුන් එම පිරිසට පහරදී ඔහු මුදාගන්නා මොහොතේ ඇතිවූයේ ද උණුසුම් තත්ත්වයක්.   

බොරැල්ල - යසෝදරා විද්‍යාලයට ඇතුලූවූ පිරිස අතරින් මහානාම විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු පොලීසියට භාරදීමට විද්‍යාලයේ කාර්ය මණ්ඩලය කටයුතු කළා.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා සඳහන් කළේ මෙම රථ පෙළපාලිය පැවැත්වීම පිළිබඳව සිසුන් පාසල දැනුවත් කර නොතිබූ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories