තුන්දින නිල සංචාරයක් සඳහා ජනපති රුසියාව බලා පිටත්ව යයි

Wednesday, 22 March 2017 - 6:41

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන්දින විශේෂ නිල සංචාරයක් සඳහා අද රුසියාව බලා පිටත්ව ගියා.

අලුයම 5.45ට ඊ.කේ. 651 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු රුසියාවේ සංචාරයක නිරත වන්නේ දශක 4කට පමණ පසුවයි.

ශ්‍රී ලංකාවට සුවිශේෂ වාසි අත්වන ගිවිසුම් කිහිපයකටද මෙහිදී අත්සන් තැබීමට නියමිතයි.

ආර්ථික, වෙළඳ, සංචාරක, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන සහ සංස්කෘතික ක්‍ෂේත්‍රවලට අදාළව මෙම ගිවිසුම් අත්සන් කෙරෙනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ආරම්භ වන්නේ 1957 වසරේදියි. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් සියයට 17 ක් රුසියාව වෙත සිදුකිරීමද විශේෂත්වයක්.

දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේනගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories