ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Wednesday, 22 March 2017 - 7:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද ඉදිරිපත් කෙරෙනවා.

ඉන් අනතුරුව සාමාජික රටවල් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරනු ඇති.

ඒ පිළිබද ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.

මේ අතර මෙරට ආරක්ෂක අංශ යුද අපරාධ සිදු නොකළ බවට සකස් කෙරුණු ‘විරුවන්ගේ විත්ති වාචිකය’ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව පැවති රැස්වීමකට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී එම වාර්තාව ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීව මෙම නිල නොවන රැස්වීම පැවැත්වුණේ පෙරේදා දිනයේදීයි.

එහිදී දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරියෙක් ඊට එක්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරට චෝදනා එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories