අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලඳු කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)

Wednesday, 22 March 2017 - 10:28

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B3%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දින 10 කට පමණ පෙර අතුරුදන්ව සිටි බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුරක් එම වතුයායේ ලඳු කැළැවක තිබී හමුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම මළ සිරුර එම වතුයායේම පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකුගේ බවයි බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළේ.

අපස්මාර රෝගියෙකු වන මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණා.

ඔහුගේ මළ සිරුර මේ වනවිට නාවලපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතයි.



ඡායාරූප - හැටන් රංජිත්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories